සියලුම කාන්තාවන්ට විශේෂ දුරකථන පහසුකමක් හදුන්වා දෙයි..

Sri Lanka Women Phone Phone service
By Aruna Nov 02, 2021 12:55 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.

මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

දිවයිනේ ඕනාම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහර ආදී අකටයුතුකම් ක්ශනිකව දනුම් දීමේ අවස්ථාව හිමිවෙනවා.

මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයින් සදහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්ත කමිටු ප්‍රකාශනය එළිදැක්වීම සිදුවිය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ජේශ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා, ජාතික කාන්තා කමිටු සභාපතිනි ශිරන්ති බ්‍රියටිස් දිශානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

– මාධ්‍ය ඒකකය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now