සියලුම පාකිස්තාන ජාතිකයින්ට පැය 48කදී පිටවන්නැයි නියෝග...

Report

 ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝග කර ඇත.

දකුණු කාශ්මීරයේ පහල්ගම්හිදී පෙරේදා (22) සංචාරකයින් ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රජය මෙම තීරණය ගෙන තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඇඟ කිලි පොලා යන සිද්දියක් - බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා!

ඇඟ කිලි පොලා යන සිද්දියක් - බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා!

පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකු හෝ භාරගෙන නොමැති වුවත්, ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් මෙය එල්ලකරන්නට ඇති බවට ඉන්දියාව විශ්වාස කරයි.

ඒ අනුව ඉන්දියාව දැනටමත් පාකිස්තානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළා ඇත.

දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රට වැසියන්ට සිදු කළ හදිසි නිවේදනය....

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රට වැසියන්ට සිදු කළ හදිසි නිවේදනය....

සාර්ක් නිදහස් වීසා බලපත්‍ර යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට පැමිණීම තහනම් කර ඇති අතර, මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන ජාතිකයෙකුම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී ඉන්දියාව ගත් තවත් ඍජු තීරණයක් වන්නේ පාකිස්තානය සමග දශක ගණනාවක් පැරණි ඉන්දුස් ජල ගිවිසුම දින නියමයක් නොමැතිව අත්හිටුවීමයි.

මේ හේතුවෙන් පාකිස්තානයේ ජල සැපයුමට දැවැන්ත බලපෑමක් එල්ලවන අතර, මිලියන සංඛ්‍යාත ජනතාවට ඍජු බලපෑම් එල්ල වේ.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!