ඉන්දියාව කළඹපු NEET සිසුන්ගේ අරගලයට බොලිවුඩයෙන් දිගින් දිගටම සහය - සල්මන්ට සහ මාධවන්ට පසුව ආලියාගෙනුත් ප්‍රකාශයක්

Report

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව සහ අනෙකුත් විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් දිල්ලියේ පැවැත්වෙන සිසුන්ගේ විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරන ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලැයිස්තුවට බොලිවුඩ් නිළි ආලියා භට් ද එක් වී තිබේ.

සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු අධ්‍යාපන ක්‍රමයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන සිසුන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය අගය කරමින්, ආලියා සමාජ මාධ්‍ය ඔස්සේ සිය සහයෝගය ප්‍රකාශ කළාය.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් විරෝධතාවයට එක්ව සිටින සිසුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ අරමුණ පිළිබඳව අවධානය යොමු කළාය. “පසුගිය දින කිහිපය මගේ හදවත බිඳ දැමූ අතර, නැවත නැවතත් බලාපොරොත්තුවෙන් එය යථා තත්ත්වයට පත් කළා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

ඇය තවදුරටත් පැවසුවේ, “සෑම සිසුවෙකුම තම ස්ථාවරයේ සිටීමට පිටුපසින් ඇත්තේ සිහිනයක්, පවුලක බලාපොරොත්තුවක් සහ අසංඛ්‍යාත කැපකිරීම්වලින් ගොඩනැගුණු ගමනකි.

ඉන්දියාව ඇවිලෙයි- "කැරපොත්තන්ගේ" විරෝධතාවට මෝදිගෙන් ප්‍රබල ප්‍රකාශයක් - රාහුල් ගාන්ධිත් කරළියට

ඉන්දියාව ඇවිලෙයි- "කැරපොත්තන්ගේ" විරෝධතාවට මෝදිගෙන් ප්‍රබල ප්‍රකාශයක් - රාහුල් ගාන්ධිත් කරළියට

ඔවුන් නියෝජනය කරන්නේ තමන් පමණක් නොව, ඔවුන්ට සහාය දුන් සියලු දෙනාද වන අතර, ඔවුන්ගෙන් පසු පැමිණෙන පරපුර සඳහා වඩා හොඳ මාවතක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කරති,” යනුවෙනි.

ආලියාගේ මෙම ප්‍රකාශය පැමිණියේ සල්මන් ඛාන් සහ ආර්. මාධවන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් පසුවය.

ඉන්දියාව කළඹපු NEET සිසුන්ගේ අරගලයට බොලිවුඩයෙන් දිගින් දිගටම සහය - සල්මන්ට සහ මාධවන්ට පසුව ආලියාගෙනුත් ප්‍රකාශයක් | Alia Bhatt Salman Back Students

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර සිටින සල්මන් ඛාන් බ්‍රහස්පතින්දා සිය දෙවන සමාජ මාධ්‍ය සටහන පළ කරමින් සිසුන්ට සිය නිවෙස් වෙත නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම සමාජ ක්‍රියාකාරී සෝනම් වැන්ග්චුක්ගෙන් තම උපවාසය අවසන් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. NEET-UG ප්‍රශ්න පත්‍ර කාන්දුවට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව අදාළ බලධාරීන් නිසි පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළ සල්මන්,

"අධ්‍යාපනය සහ සිසුන්ගේ ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාවය විය යුතුයි.ඒ නිසා සිසුන් සියලු දෙනාම කරුණාකර තම දෙමාපියන් සහ පවුල් වෙත ආපසු යන්න," යනුවෙන් ලිවීය. සෝනම් වැන්ග්චුක් අමතමින් ඔහු තවදුරටත්, "සෝනම්, දැන් මේක අවසන් කරන්න, සහෝදරයා. තවදුරටත් මෙය දිගු කරන්න එපා. අවශ්‍ය නම් මම ගෙදරින්ම ඔබට කෑමත් එවන්නම්,"

යනුවෙන් සඳහන් කළේය.

ඉන්දියාව කළඹපු NEET සිසුන්ගේ අරගලයට බොලිවුඩයෙන් දිගින් දිගටම සහය - සල්මන්ට සහ මාධවන්ට පසුව ආලියාගෙනුත් ප්‍රකාශයක් | Alia Bhatt Salman Back Students