නීතිවිරෝධීව රත්‍රං සහ ස්මාට් දුරකථන ගෙනආ අලි සබ්රි ට ලැබුණ දඩුවම මෙන්න..

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna May 24, 2023 01:55 AM GMT
Aruna

Aruna

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබෙනවා.

රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක් බවට ගණන් බලා තිබේ.

ඔහු විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති අතර එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන් 78.2ක් බවටයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍ය යේ සිට ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha