සුරූපී තරුණිය ඝාතනයට පෙර සිදු කළ පාපතර ක්‍රියාව පොලීසිය හෙළි කරගනී..

Kandy Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 18, 2023 02:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 පොලීසිය සිදුකළ විමර්ශන වලදී, මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී කුඹුරකදී සොයාගත් 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බව හෙළිදරව් වී තිබේ.

ඇයව ඝාතනය කර ඇත්තේ ඉකුත් 10 වනදා රාත්‍රියේ 9.30ට පමණ බවට පොලීසිය අනාවරණ කරගෙන තිබුණි.

ඊට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකළේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ 'ඒගර්' විසින් හඳුනා ගැනීමත් සමගය. 

 අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන විටත් මඩ තැවරී තිබීම හේතුවෙන් පොලීසියේ සැකය ඔහු වෙත යොමුවී ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර මෙතනින්...