A/L ලියපු සිසුන්ට අද සවස විශේෂ පණිවුඩයක්...

Sri Lanka Education Exam department A/L exam zscore
By Aruna Oct 29, 2021 06:51 AM GMT
Aruna

Aruna

Report

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් Z score අගයන් අද දවස ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සවස පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසුවේ.

මේ අතර තලවකැලේ සුමන මහා විද්‍යාලයේ අවු 16-19 වයස් කාණ්ඩ වල පසුවන පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදිමේදි තම බල ප්‍රදේශයෙන් පිටත එම වයස් කාණ්ඩ වල පසුවන සිසුන් 210 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදිමට සිදු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් තලවකැලේ ප්‍රදේශයේ පාසල් 08 සිසුන් 1160 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදිමට(28) දින සැලසුම් කර තිබු බවත්,ඒ අනුව තලවකැලේ සුමන විද්‍යාලයට පාසල් සිසුන් නිල ඇදුමින් සැරසි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතට පැමිණ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

පාසල හැර ගොස් සිටින සහ තම බල ප්‍රදේශයෙන් පිට පදිංචි එම වයස් කාණ්ඩ වල පසුවන විශාල පිරිසක් සිවිල් ඇදුමින් සැරසි අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි පිරිසක් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණ අදාල එන්නත ලබාදෙන ලෙස තමන්ගේ ඉල්ලිමක් කල බවත්, අනන්‍යතාවය තහවුරු කරන තෙක් එම පිරිසට එන්නත් ලබාදිම මදක් ප්‍රමාද කල නිසා ඒ පිලිබදව එම පිරිස විසින් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වෙත දැනුම් දි ඇත.

ඒ අනුව එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා තමන් සමග සාකච්ඡා කර සිවිල් ඇදුමින් සැරසි සිටින එම වයස් කාණ්ඩ වල පසුවන 210 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදුන් බවත්, (28) දින තුල තලවකැලේ සුමන විද්‍යාලයේදි ෆයිසර් එන්නත් 1370 ක් එන්නත් කල බව වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

පාසල් ළමුන්ට එන්නත් කිරිම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ තහවුරුතාවක් අවශ්‍ය බවත්, මේ දිනවල ගුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් පාසල් වලින් එම සහයෝගය තමන්ට නොලැබෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha