ප්‍රධාන නගරයක ගින්නක්..මාර්ගයකුත් තාවකාලිකව වසාදමයි.(VIDEO)

CID - Sri Lanka Police Fire Accident
By Aruna Jul 05, 2024 04:24 AM GMT
Aruna

Aruna

Report

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වනවා.

ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා පැවසෙන්නේ.

අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවත් ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බවයි, පොලීසිය පැවසුවේ.

පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.