ඉදිරියේදී පොලිසිය දියත් කිරීමට යන විශේෂ මෙහෙයුම් මෙන්න.

Police Ajithi Rohana
By Aruna Jul 11, 2021 07:39 AM GMT
Aruna

Aruna

Report

මෙරට තුළ සිදු වන කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය සහ ළමයින් හා කාන්තාවන්ට සිදු වන වැරදි පිළිබඳව සෙවීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියේ දී බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, යම් කිසි කෙනෙකු තම ව්‍යාපාරයෙන් උපයන මුදල් තවත් පාර්ශවයකට ලබා දීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය.

කෙසේ නමුත් ලංකාවේ විවිධ ප්‍රදේශවල කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් වාර්තා වන බවත් වාර්තා නොවන එවැනි සිද්ධි පිළිබඳව ද තොරතුරු ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

එමෙන් ම, මෙරට දකුණු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් නිර්මාණය වී ඇති බවට පෙනී ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සලකා බලා ඉදිරියේ දී තොරතුරු ලබා ගෙන අපාරාධකරුවන් හඹාගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විහිදුම් ඒකකයක් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නූතන තාක්ෂණය උපයෝගී කර ගැනීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha