වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න.

Sri Lanka Political Ajith niwad kabral The central bank
By Aruna Oct 01, 2021 06:03 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මීට ටික වෙලාවකට පෙර පවසා සිටියා.

ඉදිරි හය මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම සීමාවන් ඉවත් කිරීමත් සමඟ ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවටයි.

මෙරට ආර්ථිකය මුහුණ පෑ දැඩි ඩොලර් සංචිත හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් සඳහා දැඩි ආනයන සීමා පැනවුනේ මීට සති දෙකකට පෙරාතුවයි.

මේ අතර වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය වෙත ප‍්‍රති අපනයනය කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනයකරුවන් පවසනවා.

ඊයේ දක්වාම මෙම ගැටලුවට රජයෙන් විසදුම් නොලැබීම නිසා තමන් ආනයනය කළ, වරායේ රඳවාගෙන සිටින කිරිපිටි තොග මෙලෙස ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප‍්‍රතිඅපනයනය කිරීමට අපේක්‍ෂා කරන බවයි කිරිපිිටි ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් දොළහක් නිදහස් කර ගැනීමට නෙහැකිවීම නිසා කිරිපිටි ගෙන්වූ නැව් සමාගම්වලට රුපියල් ලක්ෂ තිස්හතක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බව ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now