අජිත් රෝහණගේ වෙස් ගත් තරුණයා පොලිස් ලොක්කන් රැසකගේ නමින් කළ නොමනා වැඩේ, අතේ මාට්ටු වෙයි...

Facebook Ajith Rohana CID Ravindhu Kalhara
By Sewvandhi Oct 20, 2021 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය නම අනුමැතියකින් තොරව භාවිත කරමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රවිදු කල්හාර නැමැත්තාට එරෙහිව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පොලිස් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ සමයේ එම පුද්ගලයා තමන් නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය බව දැනගත් පසු එය වහාම නවතා දමන ලෙස ඔහුට දැනුම් දී ඇති බව සදහන්. ඒ අනුව අදාල ගිණුම අත්හිටු වූ බව රවිදු කල්හාර නැමැත්තා තමන් වෙත පැවසු බවත්, එහෙත් දින කිහිපයකට පසු එම ගිණුම යළි සක්‍රීය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී එම ගිණුම අත්හිටු වීමට අවශ්‍ය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. රවිදු කල්හාර නැමැත්තා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් විවිධ පාර්ශවවලින් තොරතුරු එක්රැස් කරන බවට තොරතුරු වාර්තා වනවා.

පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් අදාල පුද්ගලයා ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now