අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
2026 ජූලි මාසය සඳහා ඔවුන්ගේ අත්තිකාරම් ආදායම් බදු (AIT), රඳවා ගැනීමේ බද්ද (WHT) සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) ගෙවීම 2026 අගෝස්තු 15 වන දිනට පෙර පියවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අඳාළ නිවේදනයට අනුව, මාර්ගගත බදු ගෙවීම් වේදිකාව ඔස්සේ හෝ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම් පහසුවෙන් කළ හැකි බව සඳහන්.
එමෙන්ම ප්‍රමාද වූ ගෙවීම් ප්‍රමාද වූ බදු ගෙවීම් වශයෙන් සලකනු ලබන අතර දඬුවම් ලැබිය හැකි බවද බලධාරීන් අනතුරු අඟවයි.
අඳාළ ගෙවීම් විස්තර පහතින් දක්වා ඇත,
- AIT / පොලිය මත WHT – බදු වර්ගය කේතය 43, ගෙවීම් කාල සීමාව කේතය 26070, ගෙවීම් කාණ්ඩය S
- ගාස්තු සහ අනෙකුත් ගෙවීම් සඳහා AIT / WHT – බදු වර්ගය කේතය 44, ගෙවීම් කාල සීමාව කේතය 26070, ගෙවීම් කාණ්ඩය S
- APIT – බදු වර්ග කේතය 03, ගෙවීම් කාල කේතය 26070, ගෙවීම් කාණ්ඩය S
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට