අද දිනයේ මෙරට වායු දූෂණයට ලක් වූ අවදානම් කලාප මෙන්න.

Sri Lanka
By Wayomi Feb 28, 2023 07:58 AM GMT
Wayomi

Wayomi

Report

අද දිනයේ ශ්‍රී ලංකාව තුළ වායු තත්ව නිරීක්ෂණයන් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව PM2.5 හි වායු තත්ත්ව දර්ශක (AQI) මට්ටම යාපනය, කුරුණෑගල, මහනුවර සහ හම්බන්තොට සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර මට්ටමක් සහ අනෙකුත් නගරවල මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි. .

එක්සත් ජනපද වායු තත්ත්ව දර්ශකයට (US AQI) අනුව ඔවුන් පැවසුවේ යාපනයේ අංශු (දූවිලි) මට්ටම 126, කුරුණෑගල 103, මහනුවර 111 සහ හම්බන්තොට 106 ලෙස වාර්තා වී ඇති බවයි.

පසුගිය පැය 24 තුළ PM2.5 සම්බන්ධ AQI පෙන්නුම් කරන්නේ කොළඹ 7, යාපනය, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර මට්ටමකත් අනෙකුත් නගරවල මධ්‍යස්ථ මට්ටමකත් පැවති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW