අණ නොතකා පහර දී පලා ගිය රියේ ගමන් කළ වින්ග් කමාණ්ඩ‍ර් අත්අඩංගුවට

Report

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී කොළඹ 07, විද්‍යා මාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බව කියන ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයකු ඇතුළු දෙදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 47 හැවිරිදි නිලධාරියකු සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියේ නියුතු නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ අද අලුයම 5.2ක භූමිකම්පාවකින් දෙදරුම් කයි

චීනයේ අද අලුයම 5.2ක භූමිකම්පාවකින් දෙදරුම් කයි

සැකකාර ගුවන් හමුදා උසස් නිලධාරියා සහ අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.