මීගමුව මුහුදේ ධීවර යාත්රාවක් අනතුරට - ගුවන් හා නාවික හමුදා එක්ව මුදාගැනීමේ මෙහෙයුමක
By Malith Madushan
මීගමුව මුහුදේදී ධීවර යාත්රාවක් අනතුරට – මුදාගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් මීගමුව මුහුදු ප්රදේශයේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්රාවක් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව වාර්තා වේ.
අනතුරට ලක්වූ යාත්රාවේ සිටින ධීවරයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුදා ගැනීම සඳහා නාවික හා ගුවන් හමුදා කණ්ඩායම් කටයුතු කරමින් සිටී.