ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
Sri Lanka Police
Sri Lanka Cricket
Sports
By Gagana News
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළියන්දල කොලමුන්න ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මතයි.
පසුව ඔහු ඇප මත මුදා හැරුණු අතර ලබන බදාදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
බණ්ඩාර සහ පැමිණිලිකරු අසල්වැසියන් වන බවත් අශේන් බණ්ඩාර තම මෝටර් රථය මාර්ගය අවහිර වන ආකාරයෙන් නවතා තැබීමක් සම්බන්ධයෙන් ආරවුල ඇතිව තිබෙන බවත් පොලිසිය කියයි.
