ගොවීන්ට තවත් වාසියක්.. මහින්දානන්ද කියයි

sri lanka Agreeculture
By Sithumi Nov 25, 2021 04:50 PM GMT
Sithumi

Sithumi

Report

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නිකුත් කරන ලස මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. 

 මාධ්‍ය නිවේදනයයි. 

දීර්ඝ කාලයක්‌ තිස්සේ වකුගඩු, පිළිකා ආදී බෝනොවන රෝගවල ගොදුරක්‌ වී අපගේ ජනතාවගේ ආයු කාලය සීමා කෙරුණේ පොහොර සහ රසායනික යෙදවුම්‌ නිසාය. ජාතියේ ආයු කාලය සීමා වූවා පමණක්‌ නොව අපේ අහසේ සරන පක්ෂියාගේද, පොළොවේ සිටින කුහුඹුවාගේද, ජලාශවල ජීවත්වන මත්ස්‍යයන්ගේ ඇතුළු මෙරට ජීවත්‌ වන සියලු සතුන්ට වේදනාකාරී චිනාශය ගෙනෙන්නට මුල්‌ වූයේ පිටරටින්‌ ගෙන්වන පොහොර සහ රසායන යෙදවුම්ය. එපමණක්‌ නොව මෙරට ජනතාව වසර දහස්‌ ගණනක්‌ තිස්සේ නිදහසේ නොමිලේ පරිහරණය කළ ගංගා ඇළ දොළවල ගලන ජල සම්පත බීමට, නෑමට හෝ පා එබීමටවත්‌ නුසුදුසු මාරාන්තික තැන්‌ බවට පත්ව ඇත්තේ පොහොර, වල්නාශක, කෘමිනාශක ඇතුළු රසායන යෙදවුම්‌ නිසාය. 

අපගේ සකලවිධ ගොවිජනතාව ද උගත්‌ වියතුන්‌ ඇතුළු රෝග බියෙන්‌ තොරව ජීවත්‌ වීමට කැමැති සමස්ථ ජනතාවම මෙම රසායනික යෙදවුම්‌ නිසා භූමියටත්‌ ජලයටත්‌ වන විනාශය ගැන අවබෝධයෙන්‌ උන්හ. එබැවින්‌ දරුවන්ට ද උප නූපන්‌ දරුවන්ට ද රෝග බියෙන්‌ මරණ බියෙන්‌ තොරව ජීවත්‌ විය හැකි හරිත ශ්‍රී ලංකාවක්‌ බිහිකර ගැනීම සඳහා රසායන පොහොර හා යෙදවුම්‌ ගෙන්වීම නතර කිරීමේ දුෂ්කර වූද දැඩි වූද තීන්දුව ගැනීමට අපට සිදුවිය. 

එම තීන්දුව කාලයාගේ ඇවෑමෙන් ක්‍රීයාවට නැංවීමට ඉඩදිය යුත්තක් නොවන බව අප අත්දැකීමෙන් දැන සිටියෙමු. ක්‍රමානුකූලව පියවරෙන් පියවර එය ක්‍රීයාවට නැංවීමට උත්සාහ කළේ නම් කිසිවිටෙකත් ක්‍රීයාත්මක නොවන ජනතා ප්‍රාර්ථනාවක්‌ බවට එය පත්‌ කරන්නට සමත් බලවේග අප්‍රමාණව මෙරට තිබිණ

. ජාත්‍යන්තර වශයෙන්‌ බලවත් වූ පොහොර සහ රසායන යෙදවුම්‌ ව්‍යාපාර ජාලය කාලයක්‌ පුරා නිලධාරී තන්ත්‍රයටත්‌ බලපෑම්‌ කරමින්‌ ගොවි ජනනාවගේ ද ආකල්ප වෙනස්‌ කර නිබුණෙන්‌ මෙබදු ජාතික ප්‍රාර්ථනාවක්‌ ඉටු කිරීම සෙමෙන්‌ ක්‍රමානුකූලව කළ හැකි දෙයක්‌ වූයේ නැත. අපි හරිත ශ්‍රී ලංකාවක්‌ වෙනුවෙන්‌ නිවැරදි හා දැඩි තීන්දුවක්‌ ගත්තේ එල්ල විය හැකි අභියෝග හා දුෂ්කරතා ගැන මනා වැටහීමක්‌ ඇතිවය. 

එහෙන්‌ එම තීන්දුව ගන්නා මොහොත වන චිට ලොව පුරා පැතිර යමින්‌ නිබූ කොරෝනා වසංගතය මෙතරම්‌ කාලයක්‌ පවතී යයිද පුරෝකථනය කිරීමට කිසිවෙකුට පුළුවන්කමක්‌ තිබුණේ නැත. කොරෝනා වසංගතය පාලනය සඳහා අනුගමනය කරන්නට සිදුවූ රට වැසීම ආදී ක්‍රීයාමාර්ග වස විසෙන්‌ තොර ගොවිතැනක්‌ සඳහා අවශ්‍ය දෑ සම්පූර්ණ කිරීමට ද ඉමහත්‌ බාධා එල්‌ල කළේය. 

 එසේම මුළු ලෝකයටම මුහුණ දෙන්නට සිදුවූ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයද බලාපොරොත්තු විය හැකි දෙයක්‌ නොවුණි. වස විසෙන් තොර ආහාර වේලක් පිළිබඳ අදහස ‍මෙරට බොහෝ පක්ෂ පිළිගත්ත ද ජනතාවට එම අවස්ථාව උදාකර දීමට අප උත්සාහ කරන විට එම පක්ෂ සපුරා එයට ප්‍රතිපක්ෂ විය. 

රසායන පොහොර සහ කෘමිනාශකවලින් අසීමිත ලාභ ලබන ව්‍යාපාරවල ද සහාය ලබා කොරෝනා නීතිරීති ද උල්ලංඝණය කරමින්‌ යළිත් රසායනික පොහොර සහ යෙදවුම් ඉල්ලා අරගල කරන තැනට ගොවි ජනතාව මෙහෙය විය. ඔවුන්ගේ එම අරගල ගහකොළ සහ සත්ත්ව සන්තතියට සුව දෙන හරිත ශ්‍රී ලංකාවක්‌ ගොඩ නැගීමෙන්‌ පාඩු ලබන්නට නියමිතව තිබූ පොහොර සමාගම්වල පඹයන්‌ වූ බව ලෝකයට පෙන්වූ අවස්ථාවක්‌ මිස ජනතා සුවසෙත අරමුණු කර ගත්තක්‌ නොවීය. 

එසේම කොරෝනා වසංගත සමයේ රාජ්‍ය නිලධාරීන්ට ගොවි ජනතාව වෙත ගොස්‌ කටයුතු කිරීමට තිබූ බාධාව දේශීය වශයෙන්‌ පොහොර නිෂ්පාදනයකට ඇති වූ බරපතල බාධාවක්‌ විය. මේ සියල්ල සේම අප බලාපොරොත්තු නොවූ අධික වර්ෂාව ආදී කාලගුණ විපර්යාස ද ආහාර සුරක්ෂිතතා පිළිබඳ නොසිතූ ගැටලුවක්‌ මතු කර තිබේ. මේ තත්ත්වයන්‌ පිළිබඳ සලකා බලා රසායන පොහොර ගෙන්වීමට පනවා ඇති තහනම ඉවත්‌ කර ගැනීමට රජය තීන්දු කර තිබේ. 

 කෙසේ වෙතත් හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳව රජය ගත් තීන්දුව කිසිසේත් ආපස්සට හරවන්නේ නැති අතර, ඒ අනුව පොහොර සහනාධාරය සේම වී සඳහා උපරිම සහතික මිල ලැබෙන අයුරින් කටයුතු කිරීම ද රජයේ අපේක්ෂාවයි. ඒ අනුව ගොවි ජනතාවට කාබනික පොහොර නොමිලේ ලබාදී වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජාතියට තිබෙන බලාපොරොත්තුව සඵල කිරීමට රජය කටයුතු කරනු ඇත. 

 ජනතාව ප්‍රාර්ථනා කරන හරිත ශ්‍රී ලංකාවක්‌ සභ රෝග බියෙන්‌ තොර ජීවිතයට වස විසෙන්‌ තොර ආහාර වේලක්‌ ලබාදීමේ අරමුණින්‌ පත්‌ කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකාය මේ සියලු කරුණු සළකා බලා රජයේ ප්‍රතිපත්ති නම්‍යශීලීව උපරිම ජනසෙත සැලසෙන ආකාරයෙන්‌ ක්‍රීයාවට නංවනු ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now