හොඳ කෙල්ලෙක් සෙට් වුණ පුතා පියා නිවසේ නොමැති අවස්ථාවේදී සිදු කල දේ ..

Sri Lanka Police Sri Lanka Drugs
By Piyumika Jun 18, 2024 04:01 AM GMT
Piyumika

Piyumika

Report

තමා නිවසේ නොමැති අවස්ථාවක සිය නිවසේ තිබූ අල්මාරි, ඇඳ, පුටු ඇතුළු භාණ්ඩ සියල්ල අතුරුදන් වී ඇති බවට පුද්ගලයෙකු වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

මෙන්න මේ වයසේ කෙනෙක් අතුරුදන් නම් ඇවිත් බලන්න. - කැලණි ගඟෙන් හමු වූ නාඳුනන මළ සිරුර.

මෙන්න මේ වයසේ කෙනෙක් අතුරුදන් නම් ඇවිත් බලන්න. - කැලණි ගඟෙන් හමු වූ නාඳුනන මළ සිරුර.

එහිදී එම නිවෙස පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබී ලිපිය හමු වී තිබෙන අතර එය අදාල නිවෙස් හිමිකරුගේ පුතා විසින් ලියන ලද්දක් බව සොයා ගැනුණි.

එහිදී එම පුතා විසින් "තාත්තේ...මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මෙහේ තියෙන බඩු මම අරන් යනවා" යනුවෙන් ලිපියක් ලියා නිවසේ තිබූ බඩු බාහිරාදිය රැගෙන ගොස් තිබේ.

පසුව වැල්ලම්පිටිය පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනුලැබූවා.

බීම පානය කරමින් පාරේ ගිය පාසල් සිසුවකු නොසිතූ ලෙස මියැදේ..

බීම පානය කරමින් පාරේ ගිය පාසල් සිසුවකු නොසිතූ ලෙස මියැදේ..

31 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ආයතනයක සේවය කළ අයෙක් වන අතර, සැකකරු අත්අඩංගුවට ගෙන සොරාගෙන ගොස් තිබූ ලක්ෂ 10කට අධික භාණ්ඩ ද පොලිස් භාරයට ගැනුණි .

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු විවාහකයෙකු බවත් පෙර විවාහයෙන් වෙන්ව තනිකඩව සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් භාණ්ඩවලින් කොටසක් රුපියල් 40,000ක මුදලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරිකර අනෙකුත් භාණ්ඩ සියල්ල සැකකරු විසින් ලොරියක පටවාගෙන ගොස් තිබේ .

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත .