බීම පානය කරමින් පාරේ ගිය පාසල් සිසුවකු නොසිතූ ලෙස මියැදේ..
By Piyumika
යාපනය, තෝල්පුරම්, විග්නේෂ්වර විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (16) මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු පාසලේ පැවති අමතර පන්තියකට ගොස් ආපසු මිතුරෙකු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළඳසැලක් වෙත යමින් සිටිය දී එක්වරම ඔහු බිම ඇද වැටී ඇති අතර අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරු සඳහන් කර තිබෙනුයේ.
මෙසේ මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා කෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.