බැංකොක් නගරයේ දැඩි ගංවතුරින් 40ක් මියයයි - දිස්ත්‍රික්ක 50ක් ආපදා කලාප
By Mithu
තායිලන්තයේ බැංකොක් අගනුවර ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව එරට රජය තහවුරු කරයි.
මියගිය පිරිස අතරින් බහුතරයක් දියේ ගිලීමෙන් සහ කිහිප දෙනෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
දින දෙකක් ඇතුළත නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 300කට ආසන්න අධික වර්ෂාපතනයක් ඇද හැලීම මෙම හදිසි ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
පවතින දැඩි අවදානම හමුවේ බැංකොක් අගනුවරට අයත් දිස්ත්‍රික්ක 50ම ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට අවතැන් වූ දහස් සංඛ්‍යාත ජනතාවක් තාවකාලික නවාතැන් මධ්‍යස්ථාන 230කට අධික සංඛ්‍යාවක රඳවා සිටින අතර, පවතින ජලගැලීම් හමුවේ ප්‍රධාන ගුවන්තොටුපළ කිහිපයක මෙහෙයුම් කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.