පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?
පසුගියදා අත්අඩංගුවට ගැනුණු කෙහෙල් බද්දර පද්මේ සමඟ ඡායාරූප ගත්තායැයි කියල ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ වන විට ප්‍රශ්න කිරීම් වලට ලක් කර තිබේ.
එම ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රීමාලි ෆොන්සේකා නමැති ජනප්‍රිය නිළිය සඳහන් කරේ ඇය මෙම පුද්ගලයා සමග කිසිදු සමීප සම්බන්ධතාවයක් පවත්වා නැති බවයි.
ඔවුන් ඩුබායි අවුරුදු උත්සවයකට ගොස් ඡායාරූප කීපයක් අදාළ පුද්ගලයාගේ ගැලරියේ තිබී හමුවීම නිසා මෙලෙස ප්‍රශ්න කිරීමට ලක් කිරීමට බව සඳහන් කළාය.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාවටම මෙම ජනප්‍රිය රංගන ශිල්පීන්ට චෝදනා එල්ල වන අතර 2022 වර්ෂයේදී ඔවුන් එලෙස සහභාගී වූවා යැයි කියන අවුරුදු උත්සවයේ ඡායාරූප කීපයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරාවට හුවමාරුවේ.
එමෙන්ම පියුමි මෙම අවුරුදු උත්සවයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ගිණුමට මුදාහැර තිබුණු අතර එය මුලින් සොයා ගැනීමට නොහැකි වූ අතර පසුව නැවත වතාවක් එය ඇයගේ මුහුණු පොත තුළ පළ කර තිබේ. බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අදහස් පළ කරයි.

මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තවම විමර්ශන සිදුවන අතර ඒ ආකාරයෙන් හුවමාරු වන ඡායාරූප කීපයක් පහතින් උපුටා දක්වා ඇත.








