රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි වැඩබලන විදුහල්පතිවරයකුට අධිකරණය දුන් නියෝගය ..

Sri Lanka Police Sri Lanka North Central Province School Incident
By Piyumika Feb 04, 2025 08:48 AM GMT
Piyumika

Piyumika

Report

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කළ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට වට්ස්ඇප් ඔස්සේ යැවීම තුළින් රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩබලන විදුහල්පතිවරයෙකු මේ මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තවත් යටිකූට්ටුවක්ද?.. පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව ගෙවීම් තහවුරුවක් ලබාගෙන නෑ..

තවත් යටිකූට්ටුවක්ද?.. පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව ගෙවීම් තහවුරුවක් ලබාගෙන නෑ..

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

මෙම ප්‍රශ්නපත්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කෙරිණි.

වැඩබලන විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයා සඳහන් කළේ, සැකකරු සේවය කරන විදුහලට ලැබුණු 11 ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර බාහා තිබූ පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කොට පසුව මෙම සැකකරු විසින් වට්ස්ඇප් ඔස්සේ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවය.

ඊට අමතරව තවත් ප්‍රශ්නපත්‍රයක් සැකකරු සිය නිවසට රැගෙන ගොස් සැකකරුගේ දියණියගේ ජංගම දුරකථයෙන් ඡායාරූප ගෙන එම ඡායාරූප ද වට්ස්ඇප් ඔස්සේ යවා ඇති බව ද පවසා සිටි සැරයන්වරයා පාර්සල්වල මුද්‍රා කඩා ප්‍රශ්නපත්‍ර පිටතට ගෙන ඡායාරූප ලබාගෙන පසුව ප්‍රශ්නපත්‍ර යළි පාර්සල් තුළට දමා ඉතා සූක්ෂම ලෙස අලවා තිබූ බවද පැවසීය.

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

සැකකරුගේ මෙම නීතිවිරෝධී ක්‍රියාව හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ ප්‍රශ්නගත සියලු ප්‍රශ්නපත්‍ර අවලංගු කිරීමට සිදුව ඇති බවද අවධාරණය කළ සැරයන්වරයා සැකකරු රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂය ඉක්මවා මූල්‍යමට අලාභයක් සිදුකොට ඇති බව උතුරු මැද අධ්‍යාපන බලධාරීන් පොලීසියට පවසා ඇති බවද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක බවත් සැරයන්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත සැරයන් සරත් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත ප්‍රකාරවය.

You may like this video

ReeCha