නිතර අනතුර සිදු වන ස්ථානයක සිදු වූ දරුනු අනතුර( CCTV VIDEO)

By Sithumi Dec 26, 2021 11:03 AM GMT
Sithumi

Sithumi

Report

හැටන් සිට කොටගල දක්වා ධාවනය වු යතුරුපැදියක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීයෑමෙන් රිය අනතුරක් සිදුව තිබුණි. අද (26) පස්වරු 1.00ට පමණ එම අනතුර සිදුව ඇත්තේ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන්, කුඩාගම ප්‍රදේශයේදීය. 

 අදාළ අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසිය. එම අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැළක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් ව තිබුණි

. එම ස්ථානයේ නිතර රිය අනතුරු සිදුවෙන බවද ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් එම ස්ථානයට සිදුවෙන රිය අනතුරු අවමකර ගැනීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now