සුවවී රෝහලෙන් නිවසට එන මඟදි මුහුණ පෑ අනතුර - තිදෙනෙක් රෝහලේ

Report

හොරණ, ගල්එදඩුගොඩ මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ දී අද (08) සවස යතුරුපැදියක් හා ත්‍රීරෝදරථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ තුවාල ලබා ඇත්තේ හල්තොට, ළඟාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු සමඟ යතුරුපැදිකරු වූ තරුණයෙක් බව වාර්තා විය.

පාදයේ ඇති තුවාලයකට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් දින තුනක් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාල ලැබූ පුද්ගලයා සුව වීමෙන් පසු රෝහලින් පිටවී අඳාළ කාන්තාව සමඟ ත්‍රීරෝද රථයකින් හල්තොට ළඟාන ප්‍රදේශයේ නිවෙස බලා ගමන් කරමින් සිට ඇත.

මීට සුළු මොහොතකට පෙර රටම බිය කරමින් උඩදුම්බරට භූ කම්පනයක්

මීට සුළු මොහොතකට පෙර රටම බිය කරමින් උඩදුම්බරට භූ කම්පනයක්

එම අවස්ථාවේදී හොරණ දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදිය හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන්.

එමෙන්ම යතුරුපැදියේ ඉදිරි රෝදය ත්‍රීරෝදරථයේ පිටුපස දකුණුපස රෝදය අසල සිරවී නතර වී තිබෙන අතර පිටුපස ගමන් කළ කාන්තාව මාර්ගයටත්, පිරිමි පුද්ගලයා පෙරලුණු ත්‍රීරෝද රථයටත් යටවී බිම වැටී සිටි බව පවසයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් ත්‍රීරෝද රථය ඔසවා තුවාලකරු එළියටගෙන ඇති අතර 1990 ගිලන් රථයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය මඟින් සිදු කිරීමට නියමිතයි.

දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්