ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

Report

ආහාර විෂවීමක් ඇති කළ හැකි විෂ ද්‍රව්‍යයක් අඩංගු විය හැකි බවට පවතින සැකය මත, නෙස්ලේ සමාගම මඟින් සිය ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක නිශ්චිත කාණ්ඩ කිහිපයක් ලොව පුරා වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිෂ්පාදන ළදරුවන්ට ලබා දීම ආරක්ෂිත නොවන බව සමාගම අවධාරණය කර ඇත. නෙස්ලේ සමාගම සඳහන් කරන ආකාරයට අදාළ කිරිපිටි කාණ්ඩවල 'cereulide' නමැති විෂ ද්‍රව්‍යය අඩංගු වීමේ අවදානමක් ඇත.

එය ශරීරගත වීමෙන් වමනය, ඔක්කාරය සහ උදරයේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. මෙම විෂ ද්‍රව්‍යය Bacillus cereus නමැති බැක්ටීරියා ප්‍රභේදයෙන් නිපදවන බව සඳහන්. විශේෂයෙන්ම, ආහාර පිසීමේදී, ජලය තැම්බීමේදී හෝ කිරි සකස් කරන අවස්ථාවේදී මෙම විෂ ද්‍රව්‍යය විනාශ නොවන බව බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති නියෝජිතායතනය අනතුරු අඟවා ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

ඒ අනුව මෙම ආපසු කැඳවීමට SMA ළදරු කිරිපිටි සහ පසු-අනුගමන කිරිපිටි, ප්‍රංශයේ අලෙවි කළ Guigoz සහ Nidal කිරිපිටි, ජර්මනියේ අලෙවි කළ Beba සහ Alfamino නිෂ්පාදන නිශ්චිත කාණ්ඩ ඇතුළත්.

අඳාළ නිෂ්පාදන ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ඉතාලිය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය රටවල් රැසක මෙන්ම ලොව පුරා වෙළඳපොළට නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නිෂ්පාදන භාවිතයෙන් මෙතෙක් කිසිදු දරුවෙකු අසනීප වූ බවට වාර්තා වී නොමැති වුවද, පූර්ව ආරක්ෂණ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව නෙස්ලේ සමාගම සඳහන් කරයි.

මෙම ගැටලුවට සැපයුම්කරුවෙකුගෙන් ලැබුණු අමුද්‍රව්‍යයක පවතින දෝෂයක් හේතු වී ඇති අතර, බලපෑමට ලක් වූ නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ට මුදල් ආපසු ගෙවීමට ද සමාගම එකඟ වී තිබෙනවා.

ගුරු භවතුන් සහ සියලු පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ගුරු භවතුන් සහ සියලු පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

කෙසේ වෙතත් දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නන් තමන් සන්තකයේ ඇති කිරිපිටි ටින් හෝ ඇසුරුම්වල පතුලෙහි සඳහන් කාණ්ඩ අංකය පරීක්ෂා කර බැලිය යුතු බව සඳහන්.

යම් ලෙසකින් මෙම නිෂ්පාදන දරුවෙකුට ලබා දී ඇත්නම් සහ සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳ සැකයක් පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති නියෝජිතායතනයේ නිලධාරිනී ජේන් රෝලින් පවසයි.

එමෙන්ම මෙම ආපසු කැඳවීමට අදාළ නොවන සෙසු සියලුම නෙස්ලේ නිෂ්පාදන භාවිතය ආරක්ෂිත බව සමාගම වැඩිදුරටත් සහතික කර ඇත.

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින් - ලංකාවටම අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින් - ලංකාවටම අනතුරු ඇඟවීම්