මේ ප්‍රදේශයේ දරුණු රෝගයක් උත්සන්න වෙයි - හැමෝම පරිස්සමින්

Report

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනකු හඳුනාගෙන ඇති අතර, එක රෝගියෙකු මරණයට පත්ව ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතා සඳහන් කරයි.

මෙම රෝගයට ගොදුරු වූ හා මියගිය පුද්ගලයා ගොවියන් නොවන අතර, ඔවුන් ඉකුත් ජල ගැලීම්වලදී ගංවතුරේ ගැවසුණු අය බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

මියගිය රෝගියා ගංවතුරේ ගැවසුණු 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අනෙකුත් සියලු රෝගීහු අවුරුදු 50ට වැඩි පිරිසක් වන බවද දයාන් සමරසේකර මහතා සඳහන් කළේය.

පසුගිය වැසි සමයේ මිනුවන්ගොඩ, අස්ගිරිය, කොටුගොඩ, ඕපාත ඇතුළු ප්‍රදේශවලින් මී උණ රෝගීන් හා මරණ වාර්තා වූ බවද වාර්තා වේ.

හදිසි තත්ත්වයක් - නාසා මෙහෙයුමුත් වෙනස් කරන්න යයි

හදිසි තත්ත්වයක් - නාසා මෙහෙයුමුත් වෙනස් කරන්න යයි