ගාසාවට තවත් මිලේච්ඡ ප්‍රහාරයක් - 11 දෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
ඊශ්‍රායලය මඟින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසාහි සටන්කාමීන් විසින් සිදු කරන ලද අසාර්ථක රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය මඟින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එමෙන්ම මෙම ප්‍රහාර අවතැන් වූවන් රඳවා සිටින කඳවුරක් සහ කූඩාරමක් ඉලක්ක කර සිදුකර ඇත.