හයේ පොතේ සමරිසි ලින්ක් එක පොඩි වරදක් ඇමති අස්වෙන්න තරම් දෙයක් නෑ.- විජිත කට අරියි
හය වසර ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ඇති අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට සිදු වුණත් යට නොගසන බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය. ඇමතිවරයා මේ බව ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එක්වෙමිනි දී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, අධ්‍යාපන මොඩියුලයක් නිර්මාණය කිරීමේ වගකීම නිලධාරීන්ගේ බවයි, එනම් අධ්‍යාපනඥයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ආචාර්යවරුන්ගේ ය.
දේශපාලන අධිකාරියට ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණ සකස් කිරීම පමණක් වන අතර ඇමතිවරු මොඩියුල හදන එකක් හෝ අත්පොත් සකස් කරන එකක් නොකරන බවයි.
ඇමතිවරයා තවත් පැවසුවේ,
“හිතාමතා ඇමතිවරයාගෙන් වැරැද්දක් වුණා නම් එය නිවැරදි කළ යුතුය. එවැනි දෙයක් මෙතැන සිදුවී නැහැ. අමාත්‍යංශයේ පොඩි වැරැද්දක් වුණාම ඇමතිවරු අයින් කරනවාද? වැරැද්දක් වුණාම ආණ්ඩුවම වගකිව යුතුය. වැරැද්ද නිවැරදි කිරීමේ වගකීම ආණ්ඩුවේ ය. ඒ නිසාම, අවදානම ඇති පරිච්ඡේදය සීල් කර, මොඩියුලය නැවත සංවිධානය කර බෙදා දෙනු ලබයි”
යන්නයි.