ආයේ Pick me අවශ්‍ය නෑ - විශාල විරෝධයක් පාමින් නගරයක් උණුසුම්

Report

නුවරඑළිය නගරයේ පික් මී (Pick me) කාර්යාලයක් විවෘත කිරිමට විරුද්ධව නුවරඑළිය නගරයේ ධාවනය කරන ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් එක්ව අද (09) දින උද්ඝෝෂනයක නිරත වී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් සඳහන් කළේ පිටතින් පැමිණෙන පික් මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීවන උපායට ද ගැටළු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමේ කටයුතුවල නිරතව සිටින බවයි.

එමෙන්ම පික් මී වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කළ ද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරිමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවත් ඔවුන් කියයි.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

තවද කදු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමෙදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත්,පිට පළාත්වලින් නුවරඑළියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැඟව සිට පික් මී ඇනවුමක් යනුවෙන් පවසමින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවටත් ඔවුන් චෝදනා කරයි.

ඒ අනුව උද්ඝෝෂණයේ නිරත පිරිස සඳහන් කළේ නුවරඑළියට පික් මී කුලි වාහන සේවාවක් අවශ්‍ය නොවන බවයි.

එබැවින් ඔවුන් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය තේ මණ්ඩල කාර්යාලය අසළදී අද (09) දින විවෘත කෙරුණු පික් මී කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා නාම පුවරු එහි ගේට්ටුවේ අලවා විසිර යාමට කටයුතු කර ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි