දරුණු රිය අනතුරු වලින් 05ක් මරුට..08ක් රෝහලට යවයි.

Accident Sri Lanka Badulla Thissamaharama Giriulla Katane
By Aruna Dec 26, 2021 05:00 AM GMT
Aruna

Aruna

Report

කටාන - දෙල්ගස්හන්දිය අසළ ඊයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ නත්තල් දින මධ්‍යම රාත්‍රියේ පැවති දේව මෙහෙයට සහභාගිවී සිය නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ අට හැවිරිදි සහ දොළොස්වන වියේ පසුවන දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, මව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පියා සහ අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථයේ රියදුරා දලුපොත එළිමහන් සිර කඳවුරේ සේවය කරන බන්ධනාගාර නිලධාරියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඊයේ (25) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

තිස්සමහාරාම, ගිරිඋල්ල, බලංගොඩ, නොරොච්චෝල සහ පන්නල ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ. තිස්සමහාරාමය - බෙරලිහෙල මාර්ගයේ ගම්මාන තුන ප්‍රදේශයේදී අපරික්ෂාකාරි ලෙස ධාවනය කළ කැබ් රථයක් වාහන කිහිපයක ගැටී සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වු කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථ දෙක හා යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී ඇති අතර, මාර්ගයේ නවතා තිබු ත්‍රීරෝද රථයක හා යතුරු පැදියක ද ගැටී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබු යතුරු පැදිකරු හා ත්‍රීරෝද රථයක් පැදවු කාන්තාවක දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි යතුරුපැදිකරු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

71 හැවිරිදි ඔහු තිස්සමහාරාමය බෙරලිහෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

තුවාල ලැබු කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතරථ, කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්.

අපරීක්ෂාකාරී ලෙසට ධාවනය වූ ලොරියක් ත්‍රී රෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අදාළ ත්‍රී රෝද රථයේ සහ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

ලොරියේ රියදුරා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනා.

මේ අතර නොරොච්චෝල, උඩප්පුව 01 කණුව ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු පාලවිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

මේ අතර බලංගොඩ ඕලුගංතොට ප්‍රදේශයේදී බදුල්ල දෙසට අපරීක්ෂාකාරීව ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගය අසල කාර්මික දෝශයක් හේතුවෙන් නතර කර තිබූ ලංගම බසයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරුව එම ත්‍රී රෝද රථය ඉදිරියෙන් පැමිණි කුඩා ලොරියක ද ගැටී ඇති අතර අනතුරින් රියදුරා සහ පිටුපස අසුනේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරා මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු ඕලුගංතොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්. අනතුරට අදාළව බස් රථයේ රියදුරා සහ ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ගිරිඋල්ල නාරම්මල මාර්ගයේ දඹදෙණිය මහා විද්‍යාලය අසලදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් මරණයට පත්වුණා.

පාසල අසල පදික මාරුව මතදී නාරම්මල දෙසට අපරීක්ෂාකාරීව ධානය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය කළ මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි එම අනතුර සිදුවී ඇත්තේ.

යතුරුපැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකරු මරණයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගැණුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now