මෙරට රිය අනතුරු හේතුවෙන් ජීවිත 27,000 ක් අහිමි වෙයි..මෙය බරපතල තත්ත්වයක්..

Accident Army Sri lanka Bus accident Sarath weerasekara
By Aruna Apr 19, 2021 02:58 AM GMT
Aruna

Aruna

Report

 වාහන අනතුරු හේතුවෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 620 දෙනෙකු මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල නාලිකාවේ විකාශය වූ උදෑසන සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. මෙම අනතුරු හේතුවෙන් දහස් ගණනක් තුවාල ලබා ඇති බව ඔහු පැවසීය.

පසුගිය වසර 10 තුළ වාහන අනතුරු හේතුවෙන් ජීවිත 27,000 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර, සසඳන කල, වසර 30 ක දීර්ඝ යුද්ධයකින් ජීවිත 29,000 ක් පමණක් අහිමි වී තිබේ. ඔහු කියා සිටියේ යුද්ධයකට වඩා වාහන අනතුරු වලින් වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි මෙරටින් අහිමි වී ඇති බවයි.

රටේ පුරවැසියන් අතර හික්මවීමක් නොමැතිකම වාහන අනතුරු සඳහා එක් ප්‍රධාන හේතුවක් බව ඔහු ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන් හමුදා පුහුණුව සඳහා යැවීමට තමා යෝජනා කරන හේතුව මෙය බවත් පුරවැසියන් තුළ විනය ඇති කිරීමට එය ඉවහල් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.