කුඩා දැරියකට මරු කැද වූ මාරක රිය අනතුර.
Sri Lanka
Accident
By krishani
කැබිතිගොල්ලෑව - පූනෑව මාර්ගයේ මහකුඹුගොල්ලෑව හන්දිය ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි කුඩා දැරියක් මෝටර් රථයක ගැටී මියගොස් ඇත.
සිය මව සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ මව ද වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගොස් ඇත්තේ 13 හැවිරිදි මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් වේ.
අදාළ මෝටර් රථයේ රියදුරුට හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මැදවච්චිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
කැබිතිගොල්ලෑව පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |