තරුණයෙක් සහ ගවයෙක් ගැටී දෙදෙනාම මරුට..මියගිය තරුණයාගේ බිරිඳ සහ මිය ගිය ගවයා ගැබිණියන්..
වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසනවා.
කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි විපුල සේනගේ නිමේෂ් රූක්ෂාන් රත්සර නමැති 23 හැවිරිදි තරුණ විවාහකයෙක්, මෙම අනතුරෙන් මිය ගොස් ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
වාහල්කඩ පොලිසිය සඳහන් කරන්නේ, පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බවයි.
අනතුරෙන් මියගිය නිමේෂ් රුක්ෂාන් රත්සරගේ බිරිඳ ගැබිනියක්ව සිටින බවත්, අනතුරෙන් මියගිය මී ගව දෙන ද ගැබිනියක් බව වාහල්කඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
වාහල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ සම්පත් මහතා පැවසුවේ, පදවිය සහ කහටගොල්ලෑව අතර ප්‍රධාන මාර්ගයේ එල ගවයන් සහ මී ගවයන් රාත්‍රී කාලයේ දී නිරන්තරව අයාලේ සැරි සරන බවත්, එබැවින්, ඔවුන් අයිති ගව හිමියන් කඩිනමින් දැනුවත් කර, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
