ලංකාවේ රෝහල්ගතවීමේ ප්‍රධාන හේතුව ඇමති නලින්ද කියයි
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් රෝහල්ගත වන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ‘අනතුරකදී සිදුවන ලේ ගැලීම වළක්වමු’ යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් අද (12) පෙරවරුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදීය.
මෙම හදිසි අනතුරු වළක්වාගත හැකි ඒවා බවත්, එමගින් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයට දැඩි ප්‍රතිලාභ හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.