අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක සැරයන්වරයෙකු ගැටෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By krishani Jul 16, 2023 07:50 AM GMT
krishani

krishani

Report

ඊයේ (15) රාත්‍රියේ දී සිදම්බරපුරම් මාර්ගයේ අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක ගැටී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කෙරිණ.

එම මාර්ගයේ බීමත් රියදුරන් පරික්ෂා කිරීම සඳහා මාර්ග බාදක රජකාරියේ යෙදී සිටින නිලධාරීන් විසින් යතුරුපැදියක් නැවැත්වීමට අණ කර ඇත.

එහිදී අණ නොතකා ධාවනය වූ එම යතුරු පැදිය පැදිකරුගේ පාලනයෙන් ගිලිහී පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදිය පොලිස් සැරයන්වරයාගේ සිරුරේ ද ගැටී ඇත.යතුරුපැදිකරු 19 හැවිරිදි වන අතර පසු පැදිකරු විසි හැවිරිදි වියේ පසු වෙයි.

ඔවුන් ද එම අනතුරින් තුවාල ලබා වව්නියාව මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණ.