5 හැවිරිදි දැරියකට මරු කැඳ වූ මාරක රිය අනතුර.
ඊයේ (20) සවස, කොළඹ - හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී වෑන් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු, ත්‍රී රෝද රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක් සහ දැරියක් තැලිගම රෝහලට ඇතුළත් කෙරුණු ලැබූ අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට මාරුකර යවන ලදී.
එම දැරිය කරවනැල්ල රෝහලේ දී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
5 හැවිරිදි ඇය ඉංගිරියාවත්ත, තැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
