15ක් මිය ගිය බිහිසුණු රිය අනතුර. (විදෙස්)

Canada Accident
By krishani Jun 16, 2023 04:43 AM GMT
krishani

krishani

Report

කැනඩාවේ - මැනිබෝටා පළාතේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අනතුරින් 15 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවත් දසදෙනෙකු රෝහල් ගත කර ඇති අතර අනතුරත් සමඟ බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇත.

කෙසේවෙතත්, ගුවන් ගිලන් රථ දෙකක් සහ ගිලන් රථ 12ක් තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.