අවුරුදු 03ක් පෙරුම් පුරලා පුරලා, ආසාවෙන් ගෙදර ගිය කතක් මග දී ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීලා..

Report

අද (29) ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය කරමින් සිටි පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දී මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අවුරුදු 03ක් පෙරුම් පුරලා පුරලා, ආසාවෙන් ගෙදර ගිය කතක් මග දී ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීලා.. | Accident At Ambilipitiya

එයින් පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් ඇත.

එම සිදුවුණ අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට සහ රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය.

ආව කෝපයෙන් බිරිඳ ඝාතනය කර කුස්සියේ දී ම කැබලිත් කරලා - විමර්ශනවල දී නොහිතපු දෙයක් එළියට..

ආව කෝපයෙන් බිරිඳ ඝාතනය කර කුස්සියේ දී ම කැබලිත් කරලා - විමර්ශනවල දී නොහිතපු දෙයක් එළියට..


එම අනතුරට ලක් වූ  ත්‍රිරෝද රථයේ සිටි කාන්තාවක් ද තුවාල ලබා ඇති අතර ඇය විදේශ රටක සේවය කර මෙරටට පැමිණ පස්සර බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඇය වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිට ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි වියේ පසු වූ එක්දරු මවක් ය.

ඇය වසර 03කට ආසන්න කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට පැමිණ යළි සිය නිවස වෙත යමින් සිටිය දී මෙම අනතුරට සිදුව තිබුණේ ය.

අවුරුදු 03ක් පෙරුම් පුරලා පුරලා, ආසාවෙන් ගෙදර ගිය කතක් මග දී ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීලා.. | Accident At Ambilipitiya

එහිදී ත්‍රිරෝද රථයේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇයගේ මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.