විජේ තමිල්නාඩුව හොලවයි - DMK සහ AIADMK පරදා අතුරු මැතිවරණ දෙකම TVK පක්ෂයට

By Kanchana Oct 10, 2026 02:55 AM GMT
Report

මදුරන්තාකම් සහ ධාරාපුරම් අතුරු මැතිවරණ ජය TVK පක්ෂයට පාලක TVK පක්ෂය ඔක්තෝබර් 9 වැනි සිකුරාදා පැවති අතුරු මැතිවරණවලදී මදුරන්තාකම් සහ ධාරාපුරම් යන මැතිවරණ කොට්ඨාස දෙකම ජයග්‍රහණය කිරීමට සමත් විය.

එහිදී ද්‍රවිඩ මුන්නේත්‍ර කෂගම් (DMK) සහ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කෂගම් (AIADMK) පක්ෂවල අපේක්ෂකයෝ පරාජයට පත් වූහ. මදුරන්තාකම් මැතිවරණ කොට්ඨාසයේදී TVK අපේක්ෂක මරගතම් කුමාරවේල් ඡන්ද 74,048ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

DMK අපේක්ෂක අයි. පරන්තමන්ට හිමි වූයේ ඡන්ද 54,008ක් පමණි. AIADMK අපේක්ෂකයා ඡන්ද 47,450ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය. ධාරාපුරම් මැතිවරණ කොට්ඨාසයේ ජයග්‍රහණය ද TVK පක්ෂයට හිමි වූ අතර, එහි අපේක්ෂිකා පී. සත්‍යභාමා ඡන්ද 66,841ක් ලබා ගත්තාය. DMK අපේක්ෂිකා එස්. සුගන්‍යා ඡන්ද 57,370ක් ලබා ගත් අතර, AIADMK අපේක්ෂකයාට හිමි වූයේ ඡන්ද 45,280කි. 2026 වසරේ පැවති මැතිවරණයේදී මෙම ආසන දෙකම ජයග්‍රහණය කර තිබුණේ AIADMK පක්ෂයයි.

කෙසේ වෙතත්, එම ආසනවලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා පසුව සිය ධුරවලින් ඉල්ලා අස්වී විජේගේ TVK පක්ෂයට එක්වීම හේතුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීමට සිදුවිය. 2026 මැයි මාසයේදී විජේගේ පක්ෂය බලයට පත්වීමෙන් පසු එහි ජනප්‍රියත්වය සහ දේශපාලන ශක්තිය පිළිබඳව මැන බැලෙන පළමු ප්‍රධාන පරීක්ෂණයක් ලෙස මෙම අතුරු මැතිවරණ සැලකුණි.

මෙම ජයග්‍රහණත් සමඟ අදාළ ආසන දෙකම සිය පාලනය යටතේ රඳවා ගැනීමට TVK පක්ෂයට හැකි විය. ඒ අනුව, එම ආසන යළි අත්පත් කර ගැනීමට උත්සාහ කළ විපක්ෂයේ AIADMK පක්ෂයට අසාර්ථක වීමට සිදුවිය.

ජනතා බලය පිළිබඳව විජේගෙන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ අදහස් දක්වමින් විජේ කියා සිටියේ, ඡන්දදායකයින්ට මුදල් බෙදා දීමකින් හෝ වෙනත් වරප්‍රසාද ලබා දීමකින් තොරව තම පක්ෂය මෙම ජයග්‍රහණ අත්කර ගත් බවයි.

දූෂිත බලවේගවලට වඩා ජනතා බලය ශක්තිමත් බවත්, තමිල්නාඩුව එහි බලකොටුවක් ලෙස පවතින බවත් මෙම මැතිවරණ ප්‍රතිඵල මගින් තහවුරු වන බව ඔහු සඳහන් කළේය.

දේශපාලන ගනුදෙනු සිදු වූ බවට චෝදනා කළ පිරිස් විවේචනය කළ විජේ, එක් එක් මැතිවරණ කොට්ඨාසයේ දින දෙකක කාලයක් පමණක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට සමච්චල් කළ අයට ඡන්දදායකයින් නිසි පිළිතුරක් ලබා දී ඇති බව ද පැවසීය.

එමෙන්ම, DMK රජය තමන්ට ප්‍රාන්තය පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම්, අප්‍රේල් මාසයේ පැවති ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී TVK පක්ෂයට මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකිවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මදුරන්තාකම් ආසනයෙන් මරගතම් කුමාරවේල් සහ ධාරාපුරම් ආසනයෙන් පී. සත්‍යභාමා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එම ආසන දෙකේ ඡන්දදායකයින්ට විජේ සිය කෘතඥතාව පළ කළේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ සන්ධාන හවුල්කරුවන්ට මෙන්ම පක්ෂයේ නිලධාරීන්ට සහ සාමාජිකයින්ට ද ඔහු ස්තුතිය පුද කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම