විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන නිවේදනයක්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව බඳවා ගැනීම්වලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීම ප්‍රමාද වීම මීට හේතු වී ඇති බව සඳහන්.
මේ අතර ජාතික අධ්‍යාපන ආයතනයට ගැසට් නිවේදනය යොමුකර ඇත්තේ එය ප්‍රසිද්ධ කිරීමට සියල්ල සූදානම් කර තිබිය දී බව වාර්තා වේ.
එසේ යොමු කර ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂයයන් වෙනස් කිරීමටයි.
එහෙත් ගැසට් නිවේදනය ජාතික අධ්‍යාපන ආයතනයට යවා දැනටමත් මාසයක පමණ කාලයක් ගත වී ඇති අතර මෙතෙක් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් කර නැති බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.
එමෙන්ම විද්‍යාපීඨවල දෙවැනි වසර සිසුන් මෙම මස 13 වන දින සීමාවාසික පුහුණුව වෙනුවෙන් පාසල්වලට යොමු කරයි.
එසේ යොමු කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කිරීමට නියමිතව තිබූණද බඳවා ගැනීම් ප්‍රමාදය මත නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලයක් හෝ කිව නොහැකි බව අඳාළ නිලධාරියා පවසා ඇත.
මෙවර ඉකුත් 2023 හා 2024 යන වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙක ම ඇතුළත් කර ගැනීමට නියමිත අතර ගැසට් නිවේදනය ප්‍රමාදවීම හේතුවෙන් ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින සිසුහු ද අපහසුතාවට ලක්ව සිටියි.