එළවලු - පළතුරු අක්කර 15000ක් විනාශයි
කල්පිටිය අර්ධද්විපියේ එළවළු හා පළතුරු වගා බිම් 15,000 කට වැඩි ප්‍රමාණයක් මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදකට විනාශ වී ඇති බව වගාකරුවන් පවසති. මෙම පාඩුව හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් ඇතිව තිබේ.
වගාකරුවන් පවසන්නේ, මෙවර වසරේ ගංවතුරට කිප වතාවක් හසුවුනත්, මෙතරම් විශාල විනාශයක් සිදු නොවී තිබුණා බව ගොවීන් පවසයි.
නමුත් මේ වතාවේ, සියල්ලම මකා දමමින් ගලා ආ ජලය නිසා සියලු වගාබිම් ද විනාශ වී ගිය බවද ඔවුන් කියති. විනාශ වූ වගාබිම් කල්පිටිය අර්ධද්විපියේ පිහිටි කරඹ, සේතපොල, දළුව, නිර්මලපුර, නාවක්කාඩුව, මාම්පුරිය, නාරක්කල්ලිය, පනිඅඩිය, නොරෝච්චෝල, පුලච්චේන, කොයිවාඩිය, එත්තාල, ඉලන්තඩිය, පාලකුඩා, තලවිල, ආලංකුඩා, කන්දකුලිය, කුරක්කන්හේන, එරඹුගොඩැල්ල, මුසල්පිටිය, පල්ලිවාසල්තුරේ, තේලිය, කල්පිටිය ඇතුළු ගම්මානවලට සීමා වෙයි.
වගාකරුවන් පවසන්නේ, මහ වැසි සමඟ ගලා ආ ජලය හේතුවෙන් වගාබිම් මේ වනවිටත් ජලයෙන් යටවී ඇති අතර, එම ජලය ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වගා බිම් අගල් කිහිපයක් කපා ඉවත් කරමින් සිටින බවද ඔවුන් කියති.