අනේ දෙවියනේ රැහැනක පැටලුණු සුරතලාව බේරගන්න ගිය අට හැවිරිදි දරුවා මරුට - හිත වුණු වෙන සංවේදී කතාවක්

Report

දරුණු කාලගුණික තත්ත්වය මත ඉතා අවාසනාවන්ත පුවත් රැසක් වාර්තා විය. ඒ අනුව මිද්දෙණිය ප්‍රදේශයේ හෙල්ලල පිහිටි නිවසක කුඹුරේ අනවසරින් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී සිටි සුනඛයකු බේරා ගැනීමට ගිය අට හැවිරිදි සිසුවා විදුලිසර වැදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිද්දෙණිය, ප්‍රාථමික විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තීක්ෂණ විශ්ව අනුරාධ නම් සිසුවායි. ඔහු 02 වැනිදා සිදුවූ මෙම අනතුරේදී විදුලිසර වැදී, පසුව රෝහලට රැගෙන ගියත් මියගොස් තිබේ.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

විදුලිසර වැදුණු සුනඛයාද එම ස්ථානයේම මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් ඇති අතර, අනවසර විදුලි රැහැන ඇද්ද සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි