ආපදාවෙන් මියගිය අපේම අය වෙනුවෙන් පිංකම් රැසක්

Report

පසුගිය දිනවල පැවතුණ අයහපත් කාලගුණික තත්වය නිසා මතු වූ ආපදා හේතුවෙන් මියගිය අයට පිං පැමිණවීම හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සෙත් පැතීමේ පිංකම් රැසක් ක්‍රියාත්මක විය.

ඒ අනුව උභයමහා විහාරීය මහ නායක ස්වාමීන් වහන්සේ දෙනමගේ අනුශාසනා පරිදි මල්වතු අස්ගිරි උභයමහා විහාරීය සියක් නමක් ශ්‍රී දළදා මාළිගාවට වැඩමකර රතන සූත්‍රය දේශනා කර තිබේ.

මල්වතු අස්ගිරි විහාර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වින්සත් වර්ගික කාරක සංඝ සභාවේ හා මහා විහාරවාසී සංඝරත්නයේ වැඩම කර මෙලෙස රතන සූත්‍ර දේශනාව සිදු කරන ලදි.

තවද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසද මහා සංඝරත්නය ඇතුළු පිරිසගේ දායකත්වයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීමේ පිංකමක් සිදුකර තිබුණි.

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් කර්මාන්තකරුවන්ගේ දත්ත ලබාදීමේ අවසන් දිනය මෙන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් කර්මාන්තකරුවන්ගේ දත්ත ලබාදීමේ අවසන් දිනය මෙන්න

එම අවස්තාවට මහා සංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව තිබේ.

එහිදී  මියගිය අය වෙනුවෙන් පැන් වඩා මතකවස්ත්‍ර පූජා කර පිං පැමිණවීමත් , විපතට පත්වූවන් වෙනුවෙන් ආශිර්වාද පැමිණවීමත්  සිදුකර තිබේ.

ගොවීන්ට වන්දි ලබාදීම කඩිනමින් - ජනපතිගෙන් නියෝගයෙක්

ගොවීන්ට වන්දි ලබාදීම කඩිනමින් - ජනපතිගෙන් නියෝගයෙක්