කෑම පැකට් දෙසියක් දෙන්න ගිය මන්ත්‍රීවරියක්ගේ අත මාලිමා මන්ත්‍රීවරයෙක් හපලා - චානක

Report

ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ,

"සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා. ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසියක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එසේ අත හපා කා තියෙනවා. ඒ ගැන විඩියෝ පවා තියෙනවා අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ"

උණුසුම් තත්ත්වයක් - මාලිමා මන්ත්‍රීනියකට සහ සැමියාට අවතැන් වූවන්ගෙන් ගුටි බැට ප්‍රහාරයක්

උණුසුම් තත්ත්වයක් - මාලිමා මන්ත්‍රීනියකට සහ සැමියාට අවතැන් වූවන්ගෙන් ගුටි බැට ප්‍රහාරයක්

කෙසේ වෙතත් මේ දිනවල අවතැන් වූ ජනතාවට සහන සැපයීමට ගොස් විවිධ කරදරවලට මුහුණ පෑ දේශපාලකයන් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දර්ශන සහ වීඩියෝ පට සංසරණය වීම දක්නට ලැබුණා. 

මන්ත්‍රී අර්චුනා තමාට හිමි කැබ් රථය පිනට දෙයි - ලක්ෂ ගණන් සල්ලි බෙදයි

මන්ත්‍රී අර්චුනා තමාට හිමි කැබ් රථය පිනට දෙයි - ලක්ෂ ගණන් සල්ලි බෙදයි

සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ සමාවගනී

සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ සමාවගනී