ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

Report

අද දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවට ප්‍රකාශ කළාය.

ඇය ප්‍රකාශ කරන ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරූවීම් ලැබුණොත් ඒවා ප්‍රතික්ෂේප කිරීම දිගු කාලයක් තිස්සේ පවතින බවත් මේ වන විට මෙය පුරුද්දක් බවට පත්වී ඇති නිසා මෙම ගැටළුවට කඩිනම් විසඳුම් ගත යුතු බව සඳහන් කළාය.

එමෙන්ම රජයේ සේවයේ ස්ථාන මාරුවීම් වලට අනුගත නොවන එකම අංශය මෙය බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එවැනි මාරුවීම්වලට අනුගත නොවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වුණා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඇයගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී . ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා වුණා.

බස්නාහිර පළාතේ මේ වාහනය තියෙන අය ආයේ වාහන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි

බස්නාහිර පළාතේ මේ වාහනය තියෙන අය ආයේ වාහන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි

ඒ අනුව, ලබන අධ්‍යයන වර්ෂයේ සිට, සියලුම විෂයයන් සඳහා කෝටා ක්‍රමයක් මත පදනම්ව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන අතර, කුසලතා මත පදනම් වූ දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් මඟින් සියලුම විෂයයන් සඳහා ආබාධ සහිත සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙනු ඇත.

A - 9 පාරේ තවත් බිහිසුනු බස් අනතුරක්

A - 9 පාරේ තවත් බිහිසුනු බස් අනතුරක්

තවද, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටු වල ප්‍රගතිය ද සොයා බලා සාකච්ඡා කර තිබෙවා. විවිධ දිස්ත්‍රික්කවල අධ්‍යාපනයට අදාළ විවිධ වැදගත් කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා. මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන් පිරිසක් සහභාගී වූණා.

ආයේ ත්‍රිපෝෂ නෑ ෆැක්ටරිය නවතියි

ආයේ ත්‍රිපෝෂ නෑ ෆැක්ටරිය නවතියි