ශ්‍රී ලංකාව යළිත් ගොඩ නැගීමට මාලදිවයිනෙන් උපරිම සහය
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ .
තවද මෙරට ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සදහා ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහිදී සිය උපරිම සහාය ලබා දෙන බව මාලදිවයින් ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
ඒ වගේම ඊයේ (04) දින පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම අසීරු අවස්ථාවේ මාලදිවයන් රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින බවයි.
ආචාර්ය මොහමද් මුයිසු මහතා මෙහිදී අවධාරණය කළේ ඒ වගේම ශ්‍ර්‍රී ලංකාව කිසි විටක තනි නොකරන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ සෑම අසීරු අවස්ථාවකම මාලදිවයින, ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කරන බවයි.
ඒ වගේම මෙම අවස්ථාවේදීද මාලදිවයින රජය විසින් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන්නා වූ සහය අගය කර තිබේ.