කිකිළියන්ට මේ දේ කරන්න ඕනේ නැතුව මේක විසදෙන්නෑ.. බිත්තර මිල ගැන අලුත්ම කතාව..
බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාවට සහනාධාර ලබා දීමට නම් බිත්තර දමන කිකිළියන් සංඛ්‍යාව ඉහළ දැමීමට රජය ආයෝජනය කළ යුතු බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
අධික නිෂ්පාදන පිරිවැය නිසා කිකිළියන් පෝෂණය කිරීමේදී ඇතිවන දුෂ්කරතා අභියස නිෂ්පාදකයින් කිකිළියන් මස් ලෙස විකිණීමේ ප්‍රවණතාවයක් ඇති බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම දැනට රට තුල සිටින කිකිළියන් මස් නොවීමට වග බලා ගත යුතු බවත් එමඟින් දැනට දිනකට සිදුවන බිත්තර මිලියන 7ත් 8ත් නිෂ්පාදනය හෝ රැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.