ලෝකයටම ආහාර හිගයක අවදානමක් ..
By Piyumika
ලොව පුරා පවතින ජල අර්බුදය හේතුවෙන් 2050 වසර වන විට ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අවදානමට ලක්විය හැකි බව ජල ආර්ථික පිළිබඳ ගෝලීය කොමිසම පවසනවා.
ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වුණේ, මේ නිසා 2050 වසර වන විට ඉහළ ආදායම් ලබන රටවල සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයන් 8%ක පහත වැටීමක් වාර්තා විය හැකි බවයි.
දේශගුණික විපර්යාස නිසා ඇතිවන වර්ෂාපතන රටා වෙනස් වීම, උෂ්ණත්වය ඉහළ යාම මෙම තත්වයට හේතු වී තිබෙනවා.