ආශාවන් ඉටු කරගන්න වීඩියෝ ඇමතුම් ගත් පුද්ගලයා නිර්ධාගෙන් මට්ටු වුණ හැටි (PHOTOS)
නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් අපිට දැකගන්නට ලැබුණු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිර්ධා උයන්හේවා කියන්නේ. මේ රංගන ශිල්පිනිය මේ දවස්වල ටෙලි නාට්‍යවල නම් නිතරම දැකගන්නට නැහැ. කොහොම වුණත් පසුගිය දවස් වල නිවසටම වෙලා කාලය ගත කල නිර්ධාට සෝචනීය ගැටලුවකට මුහුණ පාන්න සිදු වුණා. එනම් ව්‍යාජ නමකින් සැරසුණු පුද්ගලයෙකු විසින් ඇයට වීඩියෝ කෝල් එකක් අරගෙන අ’සභ්‍ය දේවල් පටිගත කරන්න පටන් අරන් තියෙනවා.
මුලින්ම මේ කියන පුද්ගලයා ෆිල්ම් එකක චරිතයක් ලබා දෙන්නම් කියලා තමයි කතා කරලා තියෙන්නේ. ඇයට මේ අවස්ථාවේ මේ පුද්ගලයා සම්බන්ධ කරන්නේ කලින් ඈ රඟපෑ ටෙලිනාට්‍යයක සහාය අධ්‍යක්ෂක වරයෙක් විසින්. ඉතින් මේ සහාය අධ්‍යක්ෂකවරයා කතා කරලා තියෙන්නෙ මේ පුද්ගලයාට නිර්ධා සමඟ ඔහුගේ අලුත්ම ෆිල්ම් එක ගැන කතා කරන්න වට්ස්ඇප් කෝල් එකක් ගන්න ඕනේ කියලා. ඉතිං ඒ නිසා මේ සහය අධ්‍යක්ෂක අදාළ පුද්ගලයාට ඇගේ වට්ස්ඇප් අංකය ලබා දීලා තියෙනවා. කොහොම වුණත් රාත්‍රියේ එනවා කියපු වට්ස්ඇප් කෝල් එක ඇගේ දුරකථනයට ආවා.
ඇය මේ දුරකථන ඇමතුමත් එක්ක සම්බන්ධ වුණා. ව්‍යාජ නම් දැරූ පුද්ගලයා මුලින්ම සඳහන් කරලා තියෙනවා ඔහු කතා කරද්දී කැමරාව ඕෆ් කරනවා කියලා. නමුත් නිර්ධට කැමරාව ඔන් කරගෙන කතා කරන්න කියලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා ප්‍රසිද්ධ චරිතයක නමක් දරා සිටිය නිසා කැමරාව ඔන් කරගෙන කතා කරන්න ඇය අකමැති වුණේ නැහැ.
ඉතින් මේ විදියට ව්‍යාජ ලෙස පෙනී සිටින මේ පුද්ගලයා මුලින්ම වට්ස්ඇප් දුරකථන ඇමතුමකින් ඇගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා සඳහන් කරලා තිබෙනවා. ඊට පස්සේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින් පටන් ගන්න බවත්, ඒ සඳහා ඇයට ගෙවන මුදල පිළිබඳවත් මේ පුද්ගලයා කතා කරලා තියෙනවා.
ඇය නැවත වතාවක් සහාය අධ්යක්ෂවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. මේ සහාය අධ්යක්ෂවරයා කියලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ කියලා. ඒ නිසා සීයට දෙසීයක් ඔවුන් විශ්වාස කරලා තමයි ඇය මේ දුරකථන ඇමතුමත් එක්ක සම්බන්ධ වුණේ. ඉතිං මුලින්ම මේ පුද්ගලයා සඳහන් කළේ ඔහු අහන දේට අමුවේ උත්තර දෙන්න කියලයි. ඒ කියන්නේ විවෘතව කතා කරන්න කියලා ඇයට ආරාධනා කරලා තියෙනවා. ඉතින් නිර්ධා හිතලා තියෙන්නේ ඇය රඟපාන චරිතයට සීයට සීයක් තාත්විකව රඟපාන්න අවශ්‍ය දේ ඇගෙන් ලබා ගන්න ඔහු උත්සහ කරනවා කියලයි.
නමුත් ටිකෙන් ටික මේ ව්‍යාජ පුද්ගලයා වි’කෘ’ත්‍රි ආශාවන් ඇති පුද්ගලයෙකු ලෙස ඇගෙන් ප්‍රශ්න අහන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ පිළිබඳව සැක හිතපු ඇය දුරකථන ඇමතුම විසන්ධි කර තිබෙනවා. මේ අවස්ථාවේ දී ඇති වූ අපහසුතාවය නිසා සහාය අධ්‍යක්ෂකවරයාට ඇමතුමක් ඇරගෙන ඇය බනින්න හිතුවත්, නීතිමය පැත්තෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා නිර්ධා තීරණය කර තිබෙනවා.
ඉතින් ඒ නිසාම පොලිසියට ගොස් ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන අතර, ව්‍යාජ නමේ ඇත්ත හිමිකරුද පොලිසියට ගෙනල්ලා ඔහුත් එක්ක එකතුවෙලා සිදුවූ අපහසුතාවයට විරුද්ධව ඇය විසින් නීතිමය පියවර ගත්තා කියලයි අපිට ආරංචි වුණේ. මෙවන් වි’කෘ’ති ආශාවන් පසුපස හඹායන ව්‍යාජ පුද්ගලයන් අපි අවට කොතෙකුත් සිටී ද. නිතරම කල්පනාවෙන් ආරක්ෂාකාරීව අප වැඩ කල යුතුයි. මෙවන් පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනවිත් නිසි ද’ඬුවම් ලබා දිය යුතු නොවේ ද….?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |