වැව මාළු රසට කැමති ඔයාට නවතම අනාවරණයක් ගැන තොරතුරු..

Fishing Sri Lanka Sri Lanka Fisherman Fish
By Piyumika Oct 19, 2024 08:54 AM GMT
Piyumika

Piyumika

Report

දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති 'ජයන්ට් ස්නේක් හෙඩ් ෆිෂ්' නැමැති ආක්‍රමණික මාංශ භක්ෂක මත්ස්‍යයින් මිනිස් ආහාරයට සුදුසු බව අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ බව තහවුරු කරමින් වයඹ පළාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන් සහ ජල ජීවී අධිකාරියේ නිලධාරින් එම මත්ස්‍යයින් ආහාරයට ගැනීමේ වැඩසටහනක් ද දියත් කළා.

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

මෙරටට ගෙන්වීම ද නීතියෙන් තහනම් කර ඇති මෙම මත්ස්‍ය විශේෂය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ අවදානමක්ද හටගෙන ඇති බවයි ධීවරයින් පැවසුවේ.

ඒ අනුව ඊයේ දිනයේදී එම මත්ස්‍යයින් දැදුරු ඔය ජලාශයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් වයඹ පළාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන්, ජල ජීවී අධිකාරියේ නිලධාරින් හා ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දියත් කළේ ධීවර ප්‍රජාවගේද සහභාගිත්වයෙන්.

වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කළ තරුෂි..

වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කළ තරුෂි..

එහිදී මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කිරීමට හැකි වූ අතර වෙනත් කිසිදු මත්ස්‍යයෙකු එම දැල් ආම්පන්නවලට හසු නොවීමද විශේෂත්වයක්.

ජලාශයෙන් අල්ලා ගත් 'ජයන්ට් ස්නේක් හෙඩ් ෆිෂ්' මත්ස්‍යයින් ගනේවත්ත - කැකුළාවල තොටුපොළේදී අහාරයට සුදුසු පරිදි සකස් කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් හා ධීවර ප්‍රජාව විසින් එම පිසූ මත්ස්‍යයින් ආහාරයට ගත්තා.