වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කළ තරුෂි..

Report

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය.

සුප්‍රසිද්ධ හෝටලයකදී තරුණියකට මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම..

සුප්‍රසිද්ධ හෝටලයකදී තරුණියකට මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම..

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කර ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටු වූවාය.

නව ජනපති හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දුන් දේ..

නව ජනපති හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දුන් දේ..

16 හැවිරිදි වියේ පසුවන තරුෂි විසින් බිඳදමනු ලැබුවේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවයි. තරුෂි ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්ය.